WT 1190 F අභ්‍යවකාශ වස්තුව අද දින පෙරවරුවේ ලංකාවේ දකුණු මුහුදු තීරයට කඩා වැටේ!

අද දින(13.11.15) පෙරවරු 11.50 ට පමණ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයට WT 1190 F නම් අභ්‍යවකාශ වස්තුව කඩාවැටෙන බවට මත පල කර ඇත. එම නිසා අද දිනයේ මුහුදු යාමෙන් වළකින ලෙස ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිෂ්ටි ලාල් ප්‍රනාන්දු මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුවක කැබැල්ලක් විය හැකි බවට සැලකෙන WT 1190 F පෘථිවියේ  වායුගෝලයට ඇතුළුවිමෙන් පසු ගිනි ගැනීමේ හැකියාවක් පවතින බව පැවසේ. එමෙන්ම මෙය පියවි ඇසින් දැකගත හැකි වන බවද තවදුරටත් සඳහන් කරයි. දෙවුන්දර තුඩුවේ සිට කිලෝ මීටර් 65ක් ගිණිකොන දෙසට කිලෝමීටර් 45ක වපසරියකින් යුත් ප්‍රදේශයක් නාවික, ධීවර හා ගුවන් මුක්ත කලාපයක් බවට පත් කර ඇත.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මෙය නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්ද සූදානම් කර ඇති අතර මේ වන විට ප්‍රංශ ජාතික විද්‍යාඥයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් ද මෙය නිරීක්ෂණය කිරීම සඳහා මෙරටට පැමිණ ඇත.

shutterstock_233084350

2

(Visited 202 times, 1 visits today)