MH370 මැලේසියානු ගුවන් යානයට සිදු වූ දේ පිළිබඳව ATSB යේ අළුත්ම සොයාගැනීම…

මඟීන් 239ක් රැගෙන   පසුගිය වසරේ එනම් 2014 වසරේ මාර්තු මාසයේ දී අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය පිළිබඳ නවතම සොයා ගැනීමක් වාර්තා වේ. Australian Transport Safety Bureau (ATSB) විසින් දීර්ඝ කාලීන පරීක්ෂණයකින් පසු මේ පිළිබඳ ඔවුන්ගේ සොයාගැනීම් ප්‍රසිද්ධියට පත් කර ඇත. මෙම Australian Transport Safety Bureau (ATSB) ය මෙම අතුරුදන් වූ ගුවන් යානය පිළිබඳව කෙරෙන සෙවීම් හා පරීක්ෂණ වලදී ඉහළින්ම තම දායකත්වය සපයයි.

1126

ඔවුන්ගේ පර්යේෂණ වාර්තාවන්ට අනුව MH370 මැලේසියානු ගුවන් යානය ගුවන් ගමනේ යෙදී සිටියදී හදිසියේ විදුලි සැපයුම ඇනහිට ඇති බව පැවසේ. ඒ අනුව යානය තුළ සිටි මඟීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද බලවත් අපහසුතාවයකට පත්ව ඇති බවත් මේ හේතුවෙන්  මෙම විදුලිය ඇනහිටීමෙන් සුළු කාලයක් තුළ යානයේ බොහෝ කොටස් අක්‍රීය වී ඇති බවත් ඔවුන් සැක කරයි.

වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ ඉන්ධන හිඟ වීම ද විය හැකි බවය.

මිනිත්තු 15ක් ඇතුළත යානයේ එන්ජින් දෙකම ක්‍රියා විරහිත වී ඇති බවත්, ඉන්පසු අන්ධකාරයේ ම මුහුදට කඩා වැටී ඇති බවත් විය හැකි බව ATSB  ය වාර්තා කරයි.

8

මේ ලෙස විදුලිය ඇන හිටීමට හේතු විය හැකි කරුණු 5ක් ATSB  ය මේ ලෙස දක්වා ඇත.

  1. නියමු කාර්ය මණ්ඩලය ඉහළ ස්විච වලට කුමක් හෝ කර ඇත.
  2. කවරෙකු හෝ යානයේ විදුලි සැපයුමේ circuit breakers වෙනස් කර ඇත
  3. හදිසි අවස්ථා වලදී විදුලිය ලබා දෙන ඒකකයේ යම් ගැටළුවක් ඇති වීම
  4. තාක්ෂණික දෝෂයක්

 

4

 

 

1

(Visited 177 times, 1 visits today)