La Tomatina 2015

La Tomatina යනු ස්පාඤ්ඤයේ වැලෙන්සියා අසල Bunol නගරයේ සෑම වසරකම අගෝස්තු මස පැවැත්වෙන ආහාර සංග්‍රාමයකි. ලොව දස අත විසිර සිටිනා ලෝකවාසී ජනයා දහස් ගණනින් මෙම ලොව විශාලතම ආහාර සංග්‍රාමයට සහභාගී වීම සදහා  සෑම වසරකම ස්පාඤ්ඤයට ඇදී එනවා. මෙහිදී හොදින් ඉදුණු තක්කාලි මෙට්රික් ටොන් සියයකට වැඩි ප්‍රමාණයකින් වීදි වලදී සටන් කරනු ලබනවා.
මෙම උත්සවයට සහභාගී වීමට ජනතාව දක්වනු ලබන අධික උනන්දුව හේතුවෙන් සාමාන්‍යයෙන් 9,000ක් පමණ වන Bunol හි ජනගහනය 40,000 සිට 50,000 පමණ දක්වා ඉහළ යනවා. මෙම තත්වය පාලනය කිරීම සදහා 2013 සිට මෙය සදහා නිකුත් කරන නිල ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව 20,000කට සීමා කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ වසරේදීත් මෙම උත්සවය අති සාර්ථක ලෙස පසුගියදා පැවැත්වුණා.

la

Resource – Win Tube | www.youtube.com

(Visited 76 times, 1 visits today)