“Grandma in the window”

මේ ලිපියේ ගෙන එන්නේ 92 හැවිරිදි   Louise Elden හෙවත්  “grandma in the window” පිළිබඳවයි. ඇය වයස්ගත වීම නිසාම අමතකවීමේ රෝගී තත්වයට මුහුණු පා තිබේ. ඇයට බොහෝ විට ඇයගේම දියණියගේ නම පවා අමතක වේ. නමුත් වසර 5න් පුරා අමතක නොවී ඇය සිදුකරන එක් දෙයක් වේ. ඒ ඇයගේ නිවස ඉදිරියෙන් දිනපතා ගමන් ගන්නා පාසල් බස් රථයක සිටින දරුවන් පිරිසකට නිවසේ ජනේලය අසළ සිට අත වැනීමයි.

මේ නිසාම ඇයව පාසල් බස් රියෙ ගමන් ගන්නා සියළු දෙනාටද හුරු පුරුදු වේ. නමුත් එක්වරම දින ගණනක් ඇය දකින්නට නොවූ විට, ඇය පිළිබඳ සොයා බැලූ ඔවුනට සැළ වූයේ ඇයට ආඝාතය වැළඳී ඇති බවයි. මින් බොහෝ දුකට පත් දරුවන් බස් රථයේ රියදුරුවරිය අත ඇයට ඉක්මන් සුවය පතා මල් කළඹක් හා බස් රථයේ සිට ඔවුන් අත වනන ඡායාරූපයක් යැවීය. ඊළඟ දිනයේ බස් රථය නිවස අසළින් යන විට ඔවුන් දුටුවේ ඇය සැමදා සිටින ජනේලය අසළ ස්තූති පණිවිඩයක් තබා ඇති ආකාරයයි. 3

කෙසේ වෙතත් මෙම ආඝාතය නිසා ඇය අංශභාග තත්වයට පත්ව ඇතත් මෙම දරුවන් ඇයව උද්යෝගී කරන නිසා ඇය කෙසේ හෝ සුව වීමට උත්සාහ දරන බව ඇය පවසයි.

2

1

(Visited 119 times, 1 visits today)