ලොව සාර්ථකම රියලිටි ටීවී ආකෘතිය

දිනෙන් දින මොහොතින් මොහොත වෙනස්වන ලෝකයේ ටෙලිවිෂනයද මවන මැවුම් පුදුම සහගතයි.
කුඩා සංකල්පයක් දැවැන්ත ක්‍රියාදාමයක් බවට පත්කරමින් බිහිවන රියලිටි TV කලාවේ කූඨප්ප්‍රාප්තියක් ලෙසට Got Talent වැඩසටහන් මාලාව නිසැකවම නම් කල හැකියි.
සයිමන් කවෙල් නම් රූපවාහිනී නිෂ්පාදකවරයාගේ සිතුවිල්ලකින් එළිදකින Got Talent මේ වන විට ලොව පුරා රටවල් 60ක පමණ අති සාර්ථකව ටෙලිවිශන් තිර ආක්‍රමණය කර අවසානයි.
ලොව සාර්ථකම රියලිටි ටීවී ආකෘතිය ලෙසට Got Talent ගිනස් වාර්තා පොතටද ඇතුළත් වී හමාරයි.
මේ දැවැන්ත රූපවාහිනී අත්දැකීම ඒ අයුරින්ම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට Sri Lanka’s Got Talent නමින් සමීප කරවන්නට සිරස TV දැන් සූදානම්..
ඒ සඳහා අයදුම්පත් යොමුකරන්නට ශ්‍රී ලාංකිකක ඔබටත් හැකියාව තිබේ.
කිසිඳු වයස් සීමාවකින් තොරව
මේ සඳහා ඔබටද අයඳුම් කල හැකිය.
ගායනය,වාදනය,නර්තනය,මැජික්,සර්කස්,ජිම්නාස්ටික්,සුරතල් සතුන් හැසිරවීම,හාස්‍ය උත්පාදනය,ත්‍රාසජනක ක්‍රියාදාම ඇතුළුව මෙකී නොකී ඔබේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට Sri Lanka’s Got Talent වේදිකාව ඔබ වෙනුවෙන් විවෘතයි.
කවදත් ජාත්‍යන්තර ටෙලිවිෂන් අත්දැකීම් එලෙසින්ම ඔබට සමීප කරන සිරසට ටීවී මේ අනගිභවනීය Got Talent වේදිකාවට ගොඩවන්නැයි හැකියාවෙන් සපිරි ඔබට කරන ගෞරවනීය ආරාධනයයි මේ..
 
(Visited 2,187 times, 1 visits today)