Facebook Profile Picture එක වෙනුවට වීඩියෝවක්?

Facebook ආරංචි මාර්ගයන්ට අනුව ඔබට ළඟදීම profile picture එක වෙනුවට කෙටි වීඩියෝ ක්ලිපයක් එක් කළ හැකි වේ. මෙම පහසුකම මුලින්ම එංගලන්තයේ හා කැලිෆෝනියාවේ සුළු පිරිසකට ලබා දීමට ඔවුන් අදහස් කරයි.
මේ පිළිබඳ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ආයතනය පවසා ඇත්තේ මේ පහසුකම මඟින් පුද්ගලයින්ට ඔවුන් සැබෑවටම කොයි ආකාරයදැයි කියා පෙන්වීමට හැකි වන බවයි. එමෙන්ම ඔබට අවශ්‍ය නම් කාල ප්‍රමාණයක් ලබා දී ඒ කාලය තුළ තාවකාලිකව  profile picture එකක් යෙදීමටද හැකියාව පවතී. තවදුරටත් ඔවුන් පවසන්නේ ඉදිරියට Facebook ගිණුමේ ඉහළින් ඇති කොටස භාවිතා කරන්නන්ට පහසු ප්‍රමාණයකට වෙනස් කරගත හැකි බවත්, එලෙසම  Facebook ගිණුමේ profile picture එක මැදට වන්නට ස්ථානගත වන බවත් ය.

facebookv

(Visited 172 times, 1 visits today)