සුපිරි තරු ට්‍රිප් එකක් ගිහින් !

Sirasa Junior Super Star වේදිකාව මත දක්ෂ අයුරින් තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න තරු මාවතේ අවසන් 24 දෙනාගෙන් සුපිරිතම දක්ෂයින් 16 දෙනා තෝරා පත්කරගෙන අවසන්. හැකියාව,දක්ෂතාවය,වාසනාව හෙට දවසේ අලුත් බලාපොරොත්තු සමගින් දැන් ජූනියර් සුපර් ස්ටාර් වේදිකාවත් දවසින් දවස අලුත්වෙනවා. ජූනියර් වුණත් සීනයස්ලා විදියට හැකියාව පෙන්වන නිසාම මේ වෙනකොට බහුතර ප්‍රේක්ෂක අවධානය දිනාගත් රියලිටි වැඩසටහන බවටත්,එල්.එම්.ආර්.බී වාර්ථාවන්ට අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන රූපවාහිනී රියලිටි වැඩසටහන බවටත් ජූනියර් සුපර් ස්ටර් පත්වී තිබෙනවා. මේ සියල්ල සිදුවෙත්දී දැන් මේ පිරිස සිරස පවුලට එකතුවෙලා.පසුගිය දවසක මේ පුංචි තරු සිරසත් එක්ක විනෝද චාරිකාවකට එකතු වුණා.පවුලේ අයත්,ළඟම යාලුවොත් එකතුකරගෙන ගියපු මේ ගමන ඔවුන්ට බොහොම සුන්දර මතකයන් රැසක් එකතු කලා වගේම තරගකාරී ගමනින් මොහොතකට අමතක වුණ බොහොම විනෝදකාමී දවසක් වුණා.

මේ ඒ ගමන අතර තුර කැමරාවේ සටහන් වූ ඡායාරූප පෙළක්.

(Visited 507 times, 1 visits today)