1969 සඳ ගමන ප්‍රෝඩාවක් බව පෙන්වීමට පුද්ගලයෙකු පැහැදිලි සාක්ෂි දක්වයි..

මිනිස් ඉතිහාසයේ සුවිශාල ජයග්‍රහණයක් වූ සඳ මත පා තැබීම දීර්ඝ කාලයක් තිස්සේ තවමත් මතභේදයන්ට ලක් වෙමින් පවතී. 1969 ජූනි මස 20වන දින මිනිසා සඳ මත පා තැබූ ඓතිහාසික දිනය ලෙස සටහන් වී ඇත. මෙහි නවතම පියවරක් තබමින් Bart Sibrel නම් පුද්ගලයා පවසන්නේ ඇමෙරිකානුවන්ගේ සඳ ගමන ප්‍රෝඩාවක් බව ඔප්පු කිරැීමට අවැසි සියළුම සාක්ෂි තමන් සතු බවය.

ඔහු පවසන පරිදි මේ මුළු මෙහෙයුමම CIA විසින් අධ්‍යක්ෂණය කොට චිත්‍රාගාරයක සිට රූපගත කළ ඒවා වේ. පහතින් දැක්වෙන්නේ එය ඔප්පු කිරීමට ඔහු හුවා දක්වන සාක්ෂියි.

1 – එය සැබැවින්ම සිදු වූවා නම් මේ වන විට මිනිස් වර්ගයා සඳ මත කඳවුරු බැඳ අවසානය.

2 – 60 දෂකය වන විට නිර්මාණය කර තිබූ රොකට්ටු වලට පෘථිවි කක්ෂයෙන් පිට වීමට ඉඩක්  නොතිබූනා මෙන්ම සඳ වෙත යන අතරමැද දී හමුවන භයානක විකිරණ වළල්ලෙන් බේරිමටද  ඒවාට හැකියාවක් නොමැත.

3 – Bart විසින් NASA ආයතනයේ , කැමරා කණ්ඩායම හා ගගනගාමීන්ට දෙබස් මතක් කරවූ තුන්වන පාර්ශවයක් අතර ඇති වූ පණිවිඩ හුවමාරුවක සංස්කරණය නොකළ දර්ශන රැගත් වීඩියෝ පටයක් තමන් සතු බව පවසයි.

4 – ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝන්ග් වෙත උපදෙස් ලබා දුන් හඬ පටයක්

5 – සඳ ගමන රජය විසින් මිනිසුන්ගේ අවධානය එවකට පැවති වියට්නාම යුද්ධයෙන් වෙනත් අතකට හැරවීමට යොදා ගත් උපක්‍රමයකි.

6 – ගගන ඉංජිනේරු Wernher von Braun ගේ අධ්‍යනයන්ට අනුව Sibrel පවසන්නේ පෘථිවියට සැතපුම් 272ක දුරින් ඇති  Van Allen Belt එක එහි ඇති ඉහළ මට්ටමේ විකිරණශීලීතාවය හේතුවෙන් ඒ හරහා ගමන් කිරීම ඉතා අසීරුය. එමෙන්ම ඒ හරහා ගමන් කිරීමට නම් එම රොකට්ටුව Empire State Building එක තරම් විශාල විය යුතුය.

7 – සෑම පැය 48කට වරක්ම සඳ අති දැවැන්ත  ක්ෂූද්‍ර උල්කාපාත කුණාටු වලට මුහුණ දෙන  අතර ඒවා මඟින් සඳ මතු සිටින ඕනෑම කෙනෙකු හෝ වස්තුවක් හෝ ක්ෂණයකින් විනාශ කර දමයි.

කෙසේ වෙතත් ඔහු පවසන්නේ මෙය හුදෙක් තොරතුරක් පමණක් වන බවත් කිසිසේත්ම සිදුධාන්තයක් නොවන බවත්ය. තවදුරටත් පවසන්නේ ඇත්ත නැත්ත කෙසේ වුවත් මෙය ඇතිතක් ලෙසම දකින්නට මිනිසුන් කැමති බැවින් එය බොරුවක් බව සිත්නනට ඔවුන් මැළි වන බවය. ඒ නිසාම ඔහුට මරණ තර්ජන පවා එල්ල වී ඇත. ඔහුගේ මෙම තොරතුරු අනුව  A Funny Thing Happened On The Way To The Moon නමින් චිත්‍රපටයක්ද  නිපදවා ඇත.

Moon3

MoonCP-540x282

 

(Visited 610 times, 1 visits today)