සොබාදහමේ පුදුම සහගතම නිර්මාණයන්!

ස්වභාවධර්මයා විශ්වාස කළ නොහැකි අපූර්වතම නිර්මාණයන් රැසක නිහඬ නිර්මාතෘවරයායි. මේ ස්වභාවධර්මයාගේ එවැනි විශ්මිත නිර්මාණයන්ගෙන් කිහිපයක් පමණි.

01. Kaindy Lake, Kazakhstan හි ගිලුණු වනාන්තරය

underwater-forest-of-Lake-Kaindy
මෙම ගිලුණු වනාන්තරය කසකස්තානයේ Tian Shan කඳුවැටිය ආශ්‍රිතව පිහිටා ඇති 400m දිග Kaindy ඇළේ කොටසකි. මෙය නිර්මාණය වී ඇත්තේ Kebin භූමිකම්පාව සමඟ සිදුවූ හුණුගල් නායයාමක් හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

02. පකිස්ථානයේ අත්භූත ගස්

Spiderweb-cocooned-trees-in-Pakistan

මෙම නෙත් පැහැර ගන්නා සංසිද්ධිය පකිස්ථානයේ සිදුවූ ගංවතුර ගැලීම් වල අතුරු  ප්‍රතිඵලයකි.  ගංවතුරින් දිවි ගලවාගැනීම සඳහා මකුළුවන් මිලියන ගණනින් මේ ගස් වලට නැඟ ආරක්ෂාව සඳහා මකුළු දැල් වියා ඇත. ගංවතුර බැස යාමට දීර්ඝ කාලයක් ගත වී ඇති බැවින් මේ ලෙස ගස් මකුළු දැල් වලින් වැසී ගොස් ඇත.

03. අකුණු කුණාටු

Volcanic-lightnin

මෙය ගිණිකඳු රත් වීමේදී ඇතිවන කුණාටු තත්වයකි.  මේ පිළිබඳව සිදුකළ අධ්‍යනයන් පෙන්වා දෙන ආකාරයට පාෂාණ කැබලි, අළු හා අයිස් කැබලි ගැටීමෙන් මේ ආකාරයට ස්ථිතික විද්‍යුත් ආරෝපණයන් ඇතිවන බවයි. ගිණිකඳු පිපිරීමේදී මෙම කුණාටු වලට උදව් වන ජලය විශාල වශයෙන් නිදහස් කරනු ලබනවා. කෙසේ වුවත් මෙය මවන්නේ චිත්තාකර්ශණීය දසුනකි.

04. Cenote මෙක්සිකෝවේ පොළව යට පිහිටි ස්වාභාවික ජල උල්පත

Underground-natural-springs-in-Mexico

මෙම පොළොව යට පිහිටි ජල උල්පත ස්වභාවධර්මයාගේ අලංකාරතම නිර්මාණයකි. මෙය හුණුගල් ස්ථරයක් බිඳවැටීමෙන් භූගත ජලය  මතුවීමකි.

05. බොලීවියාවේ ලුණු තලාව

worlds-largest-salt-desert

අහස පොළොව එක්කරමින් මනරම් දසුනක් මවන වර්ග කිලෝමීටර 10,582 ක් පුරා පැතිර ඇති මෙම Salar de Uyuni  තලාව තමයි  ලෝකයේ විශාලතම ලුණු තලාව. මේ බිම සම්පූර්ණයෙන්ම මතුපිට  දිලිසෙන ලුණු තලාවකින් වැසී ගොස් තිබෙනවා. අනර්ඝ ලෙස අහසේ පිළිඹිබුවක් නිර්මාණය කරන මෙය ප්‍රාග් ඓතිහාසික විල් වල පරිවර්ථනයන්ගේ ප්‍රතිඵලයකි.

06. මොස්කව්හි ආලෝක ස්තම්භ

Light-pillars-over-Moscow

ආලෝකය අයිස් ස්ඵටික හරහා පරාවර්ථනය වීමෙන් ඇතිවන මොස්කව් නගරයේ මැවෙන සුන්දර දෘශ්ඨි සංසිද්ධියකි.

07. දිලිසෙන වෙරළ

glowing-waves

තරු දහස් ගණනින් පොළොවට කඩා ඇති සෙයක් දක්වන මෙම චිත්තාකර්ශණීය වෙරළ පිහිටා ඇත්තේ මාලදිවයිනේ Vaadhooහි යි. මෙම ජෛව සංදීප්තිය ඇති කරනු ලබන්නේ phytoplankton නමැති සාගර ක්ෂුද්‍ර ජීවීන් විශෙෂයක් විසිනි.

08. Wave Arizona

The-Wave-Arizona

මෙම අතිසුන්දර වැලිගල් වලින් සැදුණු මෙම ප්‍රදේශය එයටම ආවේණික වූ වර්ණවත්, රැළි හා වළගොඩැලි සහිත භූමි ලක්ෂණයන් හේතුවෙන් ඡායාරූප ශිල්පීන් හා කඳු නගින්නන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුුලයි.

09. දේදුණු වර්ණ Eucalyptus ශාක

Eucalyptus-deglupta-trees

rainbow eucalyptus ලෙස සාමාන්‍ය වහරේ හඳුන්වන මෙම ශාකයේ නම Eucalyptus degluptaයි. මෙය තමයි New Britain, New Guinea, Ceram, Sulawesi හා Mindanao හිදී සොයාගතහැකි එකම eucalyptus  විශේෂය.

10. ඇන්ටාක්ටිකාවේ ලේ ඇල්ල

මෙය නැගෙනහිර ඇන්ටාටිකාවේ Taylor නිම්නයේ මලකඩ සහිත ග්ලැසියරයක් (Taylor Glacier ) දියවීමෙන් ඇති වූ ප්‍රතිඵලයකි.

 

(Visited 619 times, 1 visits today)