සිනාසීමෙන් ලැබෙන වාසි.

සිනාසීම කියන්නේ කොහොමත් මිනිස්සුන්ට හොඳ දෙයක්. ශාරීරිකව හා මානසිකව සිනහව මඟින් මිනිස් ශරීරයට යහපත් ප්‍රතිඵල ගෙන දේ. මේ සිනහව අපට ගෙන දෙන වාසි කීපයක්.

01. සීනාසීම අපගේ ආයුෂ වර්ධනය කරයි.

laughing baby

 

පවත්වන ලද පර්යේෂණ වාර්තාවන්ට අනුව අසුභවාදී වැඩිහිටියන්ට වඩා වැඩි කාලයක් සුභවාදී වැඩිහිටි පුද්ගලයින් ජීවත් වේ.

 

02. සිනහව ඔබගේ ප්‍රතිශක්තිකරණය ක්‍රමවත් කරයි.

Human-Immune-System

 

සිනහසීම මඟින් ශරීරයේ ප්‍රතිදේහ නිපදවන T සෛල වැඩි වැඩියෙන් නිපදවීම සිදුවන බව සොයාගෙන ඇත. මෙමඟින් ඔබට කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම අවම වේ. එලෙසම ශරීරයේ මානසික ආතතිය ඇති කරන හෝමෝන වර්ග 4ක් අවම මට්ටමේ පවත්වාගැනිමටද දායක වේ.

03. වේදනා සමනය

Laughter-Relieves-Pain

 

පර්යේෂණ වලින් සොයාගෙන ඇත්තේ තත්පර 15ක සිනහවකට ශරීරයේ වේදනා ඉවසීම මොළයෙන් නිදහස් කරන හෝමෝනයන්ට වඩා 10 ගුණයක් වැඩියෙන් කළහැකි බවයි.

04. මානසික ආතතිය අවම කිරීම

old-woman-laughing

සිනහවට මානසික පීඩනය, සාංකාව හා ආතතිය අවම කරලීමේ විස්මිත හැකියාවක් පවතී. එනිසා හැකි සෑම විටකම සිනාසෙන්න.

05. ඔබගේ සබඳතා වැඩිදියුණු කර දේ

happy-couple-laughing

 

06. සාමාජීය වශයෙන් ඇති වාසි

Groups-bachelorette-laughter

 

ඔබගේ සිනහව ඔබට පමණක් නොවේ. ඔබ අවට සිටින අයගේද මානසික තත්වය යහපත් කරයි. ඔබට වැඩි වැඩියෙන්  මිතුරන්ද ඇති කර දේ.

07. අභ්‍යන්තරය යහපත් කර දේ

laughter-is-good-for-Internal-Workout

 

ඔබ ළඟකදී බඩ පැලෙන්න හිනා උණාද? කතාවට කිව්වත් මේ ලෙස සිනාසීම ඇත්තෙන්ම ශරීරයට ගුණදායී වේ. එය ප්‍රාචීරයට හොඳ ව්‍යායාමයක් වේ. එය ඔබේ බඩට, උරහිස් වලට මෙන්ම ඉහිල් පේශි වලටද හෙඳ ව්‍යායාමයක් වේ.

08. හුස්ම ගැනීමේ අපහසුතා මඟහැර දේ.

Beautiful-girls-laughing

 

සිනහව පෙනහළු තුළට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඇතුළු කරගැනීමට දායක වේ. ඒ නිසාම සිනහව ශ්වසන අපහසුතා වලින් පීඩා විඳින්නන්ට හොඳ ඔසුවකි.

09. බර අඩු කරගැනීමට

make-a-girl-laugh

 

සිනහව හොඳ ව්‍යායාමයක් වේ. එමඟින් කැලරි විශාල ප්‍රමාණයක් දහනය වේ. එලෙසම සිනහව හෘද ස්පන්දන වේගය ක්‍රමවත් කිරීම හා පරිවෘත්තීය වේගවත් කරයි.

10. හදවත රැකගන්න

friends exersizing

 

සිනහසීම මඟින් රුධිර පීඩනය අවම කරගත හැක. හෘදයද පේශියකි. සිනාසීම පේශි වලට හොඳම ව්‍යායාමයකි.

ඉතින් මේ වාසි ලබන්න ඔබත් හැකි සෑම විටම සිනාසෙන්න. සතුටින්.

(Visited 601 times, 1 visits today)