වැටි වැටි නැටීම!

මෙය පසුගිය සෙනසුරාදා රාත්‍රියේ දකුණු කොරියාවේ පැවති සජීවි ඉදිරිපත් කිරීමක් අතරතුරදී සිදුවූ සිදුවීමකි. මෙහි දැක්වෙන්නේ GFriend ලෙසින් හැඳින්වෙන K-pop කණ්ඩායමක් විසින් LeAnn Rhymesගේ ‘Can’t Fight the Moonlight’ ගීතයට  ඔවුන් විසින් නිර්මාණය කරන ලද  නිර්මාණාත්මක ගීතයක් ප්‍රාසාංගිකව ඉදිරිපත් කරන අතරවාරයේ සිදුවූ අකරතැබ්බයකි. එදින අධික වැසි සහිත දිනයක් වූ බැවින් වේදිකාව ලිස්සනසුළු විය.  මෙම කණ්ඩායමේ ශිල්පිණියක් වන Yuju නමැත්තිය එම ඉදිරිපත්කිරීම අතරතුර 8 වතාවක් වේදිකාව මත ඇද වැටී තිබෙනවා. (මෙහි දණහිසට බැන්ඩේජ් එකක් දමා සිටින තරුණිය) එලෙසම SinB නමැත්තියද මෙලෙස ඇදවැටී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ කිසිවක් ඔවුන් තම ඉදිරිපත් කිරීමට බාධාවක් කර නොගැනීමයි. ඔවුන් කිසිවක් සිදුනොවූ අයුරින් තම නර්ථනය ධෛර්‍යවන්ත අයුරින් දිගටම කරගෙන යාම ලොව පුරා කතාබහට ලක්වුනා.

https://youtu.be/Ag2R7Mt8yI8

1857-300x169

Resource – youtube

(Visited 70 times, 1 visits today)