ලොව භයානකම දුම්රිය මාර්ග..

කොහේ වුවත් දුම්රිය මාර්ග යනු මහාමාර්ග වලට වඩා ලස්සන දර්ශණ ඇති මාර්ග වේ. සොබා සෞන්දර්යට වැඩි නැඹුරුවක් දක්වමින් මේ බොහෝ දුම්රිය මාරගයන් තනා ඇත. නමුත් මේ ලිපියෙන් ගෙන එන මාර්ගයන් ත්‍රාසය දනවන ඉතා භයානක දුම්රිය මාර්ගයන් වේ.

01. ඕස්ට්‍රේලියාවේ Kuranda දුම්රිය මාර්ගය

18 වන ශතවර්ශයේදී ඉදිකර ඇති මේ දුම්රිය මාර්ගය Cairns සිට Kurandis දක්වා දිවෙයි. ඉතා දර්ශණීය මාර්ගයක් වන මෙය ලෝක උරුම වැසි වනාන්තරයක් හරහා යයි. එනිසාම ත්‍රාසය දනවන දර්ශණීය දියඇළි හා ප්‍රපාතයන් ඇති නිසා මෙය තරමක් භයානකය.

1

02. ඉන්දුනීසියාවේ Argo Gede දුම්රිය මාර්ගය

Jakarta සිට Bandung වෙත දිවෙන මෙම  දුම්රිය මාර්ගය  පසුකිරීමට පැය 3ක කාලයක් ගත වේ. මෙය   අහස උසට ඇති Cikurutug pylon trestle පාලම පසු කරයි. මේ පාලමේ ගමන් කරන විට පහතින් ඉතා ගැඹුරු නිම්නයක් දර්ශණය වේ. අහස සිප ගන්නා උසක සිට මේ පහත නිම්නය දෙස බැලීම ඇත්තෙන්ම භයංකාරය.

2

03. ආජන්ටිනාවේ Tren A Las Nubes දුම්රිය මාර්ගය

“Train In The Clouds” නමින්ද හඳුන්වන මේ දුම්රිය මාර්ගය මුහුදු මට්ටමේ සිට අඩි 13,850 ක් උසින් ඉදිකොට ඇත. මෙය ලොව තෙවන උසම දුම්රිය මාර්ගයද වේ. මෙමඟින් Salta හා La Polvorilla සම්බන්ධකරනු ලබයි. මෙම මාර්ගයේ ගමන් කරන විට උමං මාර්ග 20ක්, උසින් වැඩි පාලම් 13ක් හා බෝක්කු 10ක් පසු කළ යුතුය. භයානක ප්‍රපාත රාශියක් මේ ගමනේදී පසු කිරීමට සිදු වේ.

3

04. ඇලස්කාවේ White Pass And Yukon දුම්රිය මාර්ගය

මේ දුම්රිය මාර්ගය 1898 දී ඉදිකොට ඇත. මෙය අඩි 9000ක් උසින් හා එකිනෙකට සැතපුම් 20ක් ඈතින් පිහිටා ඇති කඳු බෑවුම් යා කරමින් ඉදිකර ඇත.

4

05. ඉන්දියාවේ Chennai-Rameswaram දුම්රිය මාර්ගය

අතිවිශාල ඉන්දියානු සාගරයේ සැතපුම් 1.4ක් හරහා ඉදිකොට ඇති මේ පාලම 19වන සියවසේදී ඉදිකොට ඇත. මේ මාර්ගයේ ගමන් ගන්නා විට දුම්රිය ගමන් ගන්නේ සාමාන්‍ය වේගයට වඩා ඉතා අඩු වේගයකිනි. එයට හේතුව වන්නේ ප්‍රතිවිරුද්ධ දෙසින් හමන දැඩි සුළං පහරයි. ඉතිහාසය පුරා අති භයානක අනතුරු කීපයකටම මුහුුණ දුන් මෙම දුම්රිය මාර්ගයේ ආසන්නයේම සිදු වූ භයානකම අනතුර වන්නේ 1964 දී සිදු වූ අනතුරයි. එහිදී සම්පූර්ණ දුම්රියක් කුණාටුවකට හසුවුණි. ඉතා භයානකම දුම්රිය මාර්ගයකි!

5

(Visited 740 times, 1 visits today)