රත් කෙසෙල් වලින් සිරුරට සැළසෙන වාසි…

කෙසෙල් යනු බොහෝ දෙනා ආහාරයට ගැනීමට කැමති පළතුරකි. එමෙන්ම කෙසෙල් වර්ග ඉතා විශාල ප්‍රමාණයක් ද පවතී. මේ අරින් රත් කෙසෙල් යනු සිරුරට බොහෝ වාසි සළසන කෙසෙල් වර්ගයකි. මේවායේ පෝෂ්‍ය පදාර්ථ බොහෝ සෙයින් අන්තර්ගත වේ. අනෙකුත් වර්ග වලට වඩා බීටා කැරොටීන් හා vitamin C මෙහි අඩංගු වේ. බීටා කැරොටීන් මගින් රුධිර නාලිකා ඝන වීම වළක්වන අතර, හෘදයාබාධ හා පිළිකා වැළැක්වීම ද සිදු කරයි.

1

මේ ආකාරයෙන් රත් කෙසෙල් වල තවත් බොහෝ ගුණාංගයන් මේ ලිපියෙන් ගෙන ඒ.

01. වකුගඩු වල ගල් ඇති වීම වළක්වයි.

රත් කෙසෙල් වල පොටෑසියම් ඉතා ඉහළ පුමාණයක් පවතින අතර, මෙමගින් වකුගඩු තුළ ගල් ඇති වීම වළක්වනු ලබයි. එමෙන්ම හෘදය ආශි්‍රත රෝග හා පිළිකා වැළැක්වීම ද සිදු කරයි. එමෙන්ම අස්ථි ශක්තිමත් කිරීම ද සිදු කරයි.

2

02. බර අඩු කරගැනීමට

අනෙකුත් පළතුරු හා සසදා බලන විට රත් කෙසෙල් වල  අඩු කැලරි ප්‍රමාණයක් පවතී. මෙමගින් කුස ඉක්මණින්ම පුරවා දැමීම ද සිදු කරයි. මේ හේතු නිසාවෙන් බර අඩු කරගැනීමට දායක වේ.

03. රත් කෙසෙල් වල ඇති ප්‍රතිඔක්සිකාරක හා විටමින් නිසා රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කරවයි. එය නීරෝගී ප්‍රතිශක්තීකරණ  පද්ධතියක් ඇති කරවන අතර, රුධිරයේ ග්ලූකෝස් මට්ටම ද නියත ව රදවා ගනී. තවද මේවා මගින් දෛනිකව අවශ්‍ය වන vitamin B6 ප්‍රමාණය ද සපයයි. මෙම vitamin B6 හීනතාවය ඇනීමියා තත්වය ඇති වීමට හේතු වේ.

04. ක්ෂණික ශක්ති ජනකයකි.

රත් කෙසලේ යනු ක්ෂණිකව ශක්තිය ලබා දෙන ශක්ති ජනකයකි. මේවා මගින් ස්වාභාවික සීනි ශක්තිය බවට පරිවර්තනය කරයි. එමනිසා මෙය උදෑසන ආහාර වේලක තිබිය යුුතු අනිවාර්ය අංගයක් වේ.

(Visited 2,173 times, 1 visits today)