මෙම උදරය ඉදිරියට නෙරා ඒමට බලපාන හේතු හදුනාගෙන උදරය අඩු කරගන්න..

උදරය ඉදිරියට නෙරා ඒම සියලු දෙනාටම ගැටලුවකි. විශාල උදරයක් ඇති පුද්ගලයින් බොහෝ විට ඉතා අපහසුතාවයන්ට පත් වේ‍. අප උදරය අඩු කරගැනීම සදහා  ප්‍රතිකර්ම සොයනවා විනා මෙයට හේකු සොයා බැලීමට යොමු වන්නේ නැත. ඇත්තෙන්ම එය අත්‍යවශ්‍ය කරුණකි. මේ ලෙස විශාල උදරයක් ඇති වීමට හේතු කාරණා සොයා බැලීමෙන් එම වැරදි ක්‍රියාකලාපයන්ගෙන් මිදී සිටීමට හැකියාව  ලැබේ. එසේම කෙතරම් උත්සාහ කළත් උදරය අඩු නොවීමට හේතුවද දැනගත හැකි වේ.

7

මේ ලිපියෙන් ඒ ගැටලු වලට පිළිතුරු ලබා දෙමින් ජිම් ගියත්, ව්‍යයාම කළත් උදරය අඩු නොවීමට හේතු ගෙන ඒ. කියවන්න.

01. වැඩි වශයෙන් සැකසූ ආහාර හා ක්ෂණික ආහාර වලට යොමු වීම
ඔබ බොහෝ විට ආපන ශාලා වල හො සුපිරි වෙළද සැල් තුළ විකිණීමට ඇති සකස් කළ ආහාර වලට යොමු වී ඇත. ඒ සදහා බොහෝ විට ඔබට හේතු ද දැකිවිය හැක. නමුත් මේ ආහාර වර් ඇත්තෙන්ම ශරීරයට අහිතකර වේ. මේවායේ ඉතා අඩු පෝෂ්‍ය පදාර්ථයන් ප්‍රමාණයක් අඩංගු වේ. ඒ වෙනුවට ඉතා අහිතකර වැඩි කැලරි ප්‍රමාණයක්  අඩංගු වෙමින් උදරය විශාල කරවයි.  ක්ෂණික ආහාර වලට ඉතා ඉක්මණින් ඇබ්බැහි වේ. මේ වෙනුවට අලුත් එළවලු හා පළතුරු වලට යොමු වන්න.

1

02. හොද පෝෂ්‍ය පදාර්ථයන් සහිත ආහාර වලින් ඈත් වීම
සියලුම මේද වර්ග ඔබට අහිතකර නොවේ. මේ වැනි හොද මේද වර්ග ශරීරයෙන් කොලෙස්ටරෝල් ඉවත් කරවන අතර, උදරය ද අඩු කරයි. මේ ලෙස හොද මේද වර්ග අඩංගු ආහාර වන්නේ සැමන්, අලිගැටපේර, ඔලිව් තෙල්, walnut වැනි ඒවායි.
2
03. වැරදි ව්‍යායාම
විශාල වශයෙන් ඉදිරියට නෙරා ආ උදරයක් හිමි පුද්ගලයෙකුට සාමාන්‍ය ව්‍යායාම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබ උදරය අඩු කිරීමට විශේෂ වූ  cardio exercises හා weight training ක්‍රම අනුගමනය කළ යුතුය.

5

04. ඔබේ වයස
අප වයසට යන විට පරිවෘත්තීය අනුපාතය අඩු වන අතර, මේද දහනය ද අඩාල වේ. විශේෂයෙන්ම උදරය ආශ්‍රිත  මාංශ පේශීන්ගේ. මේ නිසා වයසින් වැඩි පුද්ගලයින්ගේ ආහාර වේලට වැඩි තන්තු ප්‍රමාණයක් ඇති ඕට්, ධාන්‍ය වර්ග හා පළතුරු එක් කරගත යුතුය. එමෙන්ම ව්‍යායාම කිරීම ද අත්‍යාවශ්‍යය.

7

05. මානසික පීඩනය
අනෙක් ප්‍රධානතම හේතුව වන්නේ මානසික පීඩනයයි. රැකියාව නිසාවෙන් හෝ වෙනත් හේතුවක් නිසා ඇති වන පීඩනය මගින් කෝටිසෝල් හෝර්මෝනය වැඩියෙන් නිපදවයි. මේ හෝර්මෝනය මගින් උදරය ඉදිරියට නෙරා ඒම වැඩි කරවයි. එනිසා පීඩනයකින් තොරන හැකි හැම විටම සතුටින් සිටින්න.

6

06. අඩු නින්ද
දිනකට පැය 8 ක් නිදාගත යුතුය. නමුත් මේ ප්‍රමාණයට වඩා අඩුවෙන් නින්ද ලබාගත් විට ඔබ මානසිකව පීඩාවට පත් වේ. එමෙන්ම පැණි රස හා අධික කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර වලට යොමු වේ. මේ නිසා උදරය විශාල වී ඉදිරියට නෙරා ඒ.

07. හෝර්මෝනමය ගැටලු
උදරය අඩු කරගැනීමට කළ හැකි මේ සියලු දේ කළත් තවමත් ප්‍රතිඵල නොලැබුණා නම් එය සමහර විට යම් රෝගී තත්වයක් විය හැක. බොහෝ විට එය හෝර්මෝනමය ගැටලුවක් විය හැක. මේ නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුය. මෙම අභ්‍යන්තර ගැටලු වලට ප්‍රතිකර්ම කිරීම මගින් උදරය අඩු කරගැනීමට හැකියාවක් ලැබේ.

8

(Visited 3,281 times, 1 visits today)