මහරාජා සංවිධානයේ මානුෂවාදී සහන සේවාවන්ට එ.ජා. සංවිධානයෙන් ගෞරවණීය පිළිගැනීමක්!

පසුගිය ඔක්තෝබර් 14 සිට 16 වන දා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වූ ලෝක මානුෂවාදී සමුළුවේ ගෝලීය උපදේශන සැසිය සඳහා සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයට ආරාධනා ලැබී තිබුණි.

මෙම සුවිශේෂී සමුළුව සංවිධානය කරනු ලබනුයේ, එක්සත් ජාතීන්ගේ මානුෂවාදී කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය විසිනි.

සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතාට මෙම සමුළුව මෙහෙයවීමේ වගකීම හිමිව තිබීම විශේෂත්වයකි.

මානුෂවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මුඛ්‍ය ප්‍රයත්නයන් සැලකිල්ලට ගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතාට මෙම ඇරයුම කරනු ලැබ තිබේ.

ජිනීවාහිදී පැවැත්වූ ගෝලීය උපදේශන සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී තිබුණේ, කැපිටල් මහරාජා සංවිධානයට පමණි.

මෙම ගෝලීය සමුළුවේ අරමුණ වනුයේ, ආපදා තත්ත්වයන් සඳහා සූදානම් වීමේදී සහ ඒවාට මුහුණ දීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම යි. එම ප්‍රයත්නයන් අනාගතයට බලපාන ආකාරයට හැඩ ගස්වා ගන්නා ආකාරය පිළිබඳව ගෝලීය සමුළුවේදී අවධානය යොමු කරනු ඇත.

සුනාමි, නියං, ජල ගැලීම් හා නායයාම් ආදී ආපදාවලදී තම ජාලය සේවාස්ථ කර කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීම තුළ හදිසි සහන සේවා සම්බන්ධයෙන් සෑම අතින් ම අමිල අත්දැකීම් සම්භාරයක් මහරාජා සංවිධානය සතු ය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා වෙත භාරදුන් සමුළුවේ ප්‍රතිඵල ඇතුළත් වාර්තාව පදනම් කර ගනිමින් ලෝක මානුෂවාදී සමුළුව 2016 වසරේ මැයි මාසයේදී තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැලසුම් කර ඇත.

සැසියේදී සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා මෙලෙස අදහස් පළ කළේ ය.

“මම හිටගෙන ඉන්න තැන ඉදලා මට පේන දේ ඔබට දකින්න පුලුවන් ‍වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොක ද මට පෙන්නේ අතිවිශිෂ්ට කණ්ඩායමකට අයත් පුද්ගලයින් පරිසක්. ඔබ නියෝජනය කරන ජනතාවගේ දෛවය වෙනස් කරන්නට හැකි ශක්තිය හා බලය ඔබට තියනවා. මට පේනවා, වියට්නාම්, සැම්බියා, බහමාස් සහ කැනඩාව නියොජනය කරන සාමාජිකයින්. ඔබ මේ ශාලාවට ඇතුලුවෙන්නෙම, ජනජීවිතය වෙනස් කරනවා කියන කැපවීමත් සමගයි. ඔව්. ලෝකය වෙනස් කරනවා කියන්නේ සාමාන්‍ය මිනිස්සු කියන දෙයක් තමයි. හැබැයි ඇපල් වෙළෙද දැන්වීමේ කියනවා වගේ, ලෝකය වෙනස් කළ හැකියි කියලා උමතුවක් තියන මිනිස්සු තමයි ඇත්තටම ලෝකය වෙනස් කරන්නෙ.“

chevaan

(Visited 144 times, 1 visits today)