මගේ ඇඟේ හිරිගඩු පිපුණා – හේෂාන් ගමගේ

ලෝකේ ඉන්න මිනිස්සු විවිධාකරයි.ඒ ඒ අයට තියෙන්නේ විවිධ හැකියාවන්..ඒ හැකියාවන් තමයි ඔවුන් ලෝකය ඉදිරියේ අනිත් අය අතරින් සුවිශේෂී කරන්නේ. ඒ වගේ සුවිශේෂී දක්ෂයින් සොයා යන මෑත කාලයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වුණු ඉහළතම ප්‍රේක්ෂක කැමත්තක් තියෙන වැඩසටහනක් තමයි සිරස ජූනියර් සුපර් ස්ටාර් කියන්නේ. ඔවුන් අති දක්ෂයින් ඒ ගැන තර්කයක් නැහැ.
ඒ අය අතරිනුත් විවිධ මට්ටමේ හැකියාවන් තියෙන අය අපිට පේනවා.සමහරු හරි හුරතල්..පටිගතකිරීම් අතරතුර වුණත් හරිම කෙළිලොල් චරිත අපි දකිනවා.හැබැයි ඒ අතර ඉන්න නිහඩම චරිතයක් තමයි තීක්ෂණ දිසානායක.
ගිය සතියේ විකාශය වුණු වැඩසටහනේදී ඔහු ගායනා කලේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගැයූ ඈත කඳුකර ගීතයයි.
පෙර ගායනා කළ ගීත වලටත් ඉහළ මනාපයක් දිනා ඉදිරියට ආ තීක්ෂණට මේ ගීතයට ලැබුණේ ඉහල ප්‍රසාදයක්.විනිසුරුවන් තුන්දෙනාම නැගිටලා වේදිකාවට ඇවිත් ඔහුව සිපවැලඳ ගත්ත සිදුවීම කාගේත් වැඩි අවධානයක් දිනාගත්තා.ඒ වගේම ඔහු මේ දක්වා ගායනා කල ගීත සමාජ ජාල වෙබ් අඩවි වලත් බොහෝම ජනප්‍රියයි. ‘ඔබ නිසොල්වන්..ඒත් ඔබේ ගායනය සුවිසල් ‘ වෛද්‍ය ප්‍රදීප් රංගන මහතා දීපු අදහසට ඔහුට පුදුම හිතුණා.ගීතයේ ඉතිහාස කතාව විශාරද අභිශේකා විමලවීර මහත්මිය කියත්දී ගීතයේ සිත්ගත් එක තැනක් නැවත ගායනා කරන්නට ආරාධනාවක් කරනවා. ඒ ගායනයෙන් පස්සේ ‘මගේ ඇගේ හිරිගඩු පිපුණා ඔබේ ගායනයට,මෙන්න සාක්ෂි කියලා,හේෂාන් ගමගේ මහතා සක්ෂි පෙන්වනවා.
ඇත්තමට එය විශිෂ්ඨ ගායනයක්.
ඒ ගීතයත් සම්පූර්ණ සිදූවිම ඔබට නැවතත් බලන්නට පුලුවන්.

(Visited 416 times, 1 visits today)