බ්‍රිතාන්‍යයේදී කිරුළු පැළැදි ලංකාවේ රුවැත්තිය..

පසුගිය දිනෙක බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර පැවැත්වුණු රූප රාජිනී තරගයකදී (Miss Elegance) හෙවත් ‘රූප සුන්දරියක’ ලෙසින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක වන එවන්ජලීන් ෆ්රාන්සියා එල්ක්මනර් කිරුළු පළඳා ඇත.

එහිදීම ඇය ‘බ්‍රිතාන්‍යයේ යොවුන් කුමාරිය’ (MissJunior Teen Great Britain 2015) තරඟයෙන් තුන් වැනි ස්ථානයට පත්වූවාය. ඇයගේ මව ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි වී සිටින ශාන්ති රාජකරුණා හා පියා මඩකලපුවේ පදිංචිව සිටි ගීවරාජු එරාජ්සිංහම් වන අතර ඇය උපත ලබා ඇත්තේ ප්‍රංශයේය.
මේ කිරුළු පැළදීමෙන් පසුව ඇය රැස්ව සිටියවුන් අමතා පවසා ඇත්තේ ඇය ප්‍රංශයේ උපත ලැබුවද හදවතින් ශ්‍රී ලාංකික බවයි.

ඇය පසුගිය අප්‍රේල් මාසයේ ලන්ඩන් නුවර ජනහඬ පදනම විසින් පවත්වන ලද අවුරුදු උත්සවයේදී සිංහල අවුරුදු කුමාරිය ලෙසද කිරුළු පැළඳ ඇත.

11 24 54

88 56

(Visited 409 times, 1 visits today)