බඩ ඉරිඟු ආහාරයට ගැනීමේ වාසි

ප්‍රෝටීන්

බඩ ඉරිඟු ප්‍රෝටීන් බහුල ආහාරයක් වන අතර පොට්ටෑසියම්, මැග්නීසියම්, තඹ, කැල්සියම් සහ පොස්පරස් වැනි පෝෂ්‍ය ද්‍රව්‍ය රාශියක් බඩ ඉරිඟු තුල අඩංගුවේ.

ප්‍රතිඔක්සයිඩ

දියවැඩියාව, පිලිකා සහ ස්නායු රෝග වලට ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියාකර හැකි ප්‍රතිඔක්සයිඩ බහුලව බඩ ඉරිඟු මගින් සිරුරට සපයාදේ.

ආහාර ජීර්ණය

කෙදි සහිත ෆයිබර් අඩංගු ආහාරයක් වන බඩ ඉරිඟු ඔබේ ආහාරජීර්ණ ක්‍රියාවලිය පහසුකරයි.

පිලිකා ප්‍රතිරෝධකයක්

බඩ ඉරිඟු බහුලව ආහාරයට ගැනීම පිලිකා අවධානම අඩුකරන බව වෛද්‍ය ගවේශන මගින් තහවුරුවී තිබේ.

ශක්ති වර්ධනය

විටමින් බී6 බහුලව අඩංගු වීම හේතුවෙන් බඩ ඉරිඟු ශක්තිවර්ධක ආහාරයක් ලෙස භාවිතාකර හැක.

(Visited 251 times, 1 visits today)