ප්‍රොටීන සපිරි පළතුරු වර්ග..

ප්‍රෝටීන යනු සිරුරේ වර්ධනයට අත්‍යාවශ්‍ය පෝෂකයකි. පළතුරු යනු ප්‍රෝටීන ලබාගත හැකි හොඳම ආකාරයකි. එමෙන්ම එලවළු  හා මස් මාංශ ද මෙලෙස සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් සැපයුම සිදු කරයි.

මේ ලිපියෙන් ගෙන එන්නේ ප්‍රෝටීන සපිරි පළතුරු වර්ග කීපයකි.

01. පේර

අනෙකුත් පළතුරු වලට වඩා වැඩියෙන් ප්‍රෝටීන අන්තර්ගත වේ. එමෙන්ම මෙහි lycopene අඩංගු වන බැවින්  පිළිකා නාශක ගුණයන් සපිරි වේ. මෙහි ඇති vitamin C නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතියට ද වැදගත් වේ.

1

02. රටඉඳි

රටඉඳි ප්‍රෝටීන ලබාගැනීමට හොඳම ක්‍රමයකි. සිරුරේ පොටෑසියම් ප්‍රමාණය ද වැඩි කරවයි. සිරුරට අවශ්‍ය තන්තු ප්‍රමාණය ද ලබා දේ. කොලෙස්ටරෝල් ප්‍රතිශතය අඩු කර, සිරුරේ ග්ලූකෝස් පුමාණය පාලනය කරයි.

 

2

 

 

03. වරකා

වරකා වල ප්‍රෝටීන අඩංගු වේ. එමෙන්ම මෙහි vitamin C හා තන්තු ද අඩංගු වේ. සිරුරේ පොටෑසියම් ප්‍රමාණය වැඩි කරවයි. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරකයන් නිසා පිළිකා නාශනය කරයි.

 

3

 

 

04. මිදි

මේවායේ ප්‍රෝටීන ඇතුවාක් මෙන්ම බර අඩු කරගැනීමට ද දායක වේ. සිරුරට තන්තු සැපයීම ද සිදු කරයි. මේවායේ කැලරි අඩුවෙන් අන්තර්ගත වන අතර, දෛනික ක්‍රියාකාරකම් වලට අවශ්‍ය ශක්තිය ලබා දේ.

 

6

 

 

05. කෙසෙල්

කෙසෙල් වල සිරුරට අවශ්‍ය ප්‍රෝටීන, තන්තු අඩංගු වන අතර, බර අඩු කරගැනීමට, රුධිර පීඩනය නිසි පරිදි පවත්වා ගැනීමට හා ජීර්ණ පද්ධතිය පවත්වාගැනීමට ද දායක වේ.

 

5

 

(Visited 1,812 times, 1 visits today)