නොවැම්බර් 13වන දා අභ්‍යාවකාශ කසළ තොගයක් ගාලු වෙරළට..

මේ මස (නොවැම්බර්) 13 වන දා අභ්‍යවකාශ කසළ විශාල ප්‍රමාණයක් පෘථිවියට මතට වැටීමට නියමිත බවත් ඒවා වැටෙන්නේ ශ්‍රී ලංකාවේ ගාල්ලට කිලෝ මීටර 65ක් දුරින් මුහුදට බවත් තාරකා විද්යාඥයන් සඳහන් කරයි.

මෙම හඳුනා නොගත් වස්තුව WT1190F ලෙස නම් කර ඇත.

Tucson විශ්ව විද්‍යාලයීය නිරීක්ෂකයින්ට අනුව මේවා මොනවාද යන්න ප්‍රෙහ්ලිකාවක් වුවත්, තාරකා විද්යාඥයන් පසුගිය කාල වකවානු තුළ දුරේක්ෂ වල සටහන් වූ ඡායාරූප අධ්‍යනය කිරීමෙන් සොයා ගෙන ඇත්තේ 2012 වසරේ සිටම මේ වස්තූන් පිළිබඳ වාර්තා වූ බවයි. එලෙසම තවත් ලෙසකින් පවසන්නේ මේවා සඳ වෙත යැවූ ඇපලෝ යානයේ කොටස් විය හැකි බවයි. කෙසේ වෙතත් මෙම සුන්බුන් තොගය පෘථිවියට වැටීමට පෙර වායුගෝලයට ඇතුළු වීමේදී පිළිස්සිය හැකි බව පැවසේ.

එමෙන්ම මේ දිනයේ ධීවර කටයුතු සඳහා හෝ වෙනයම් දෙයකට හෝ මුහුදු යාමෙන් වැළකී සිටිය යුතු බවද සඳහන් කර ඇත.

2

1

(Visited 113 times, 1 visits today)