දිනපතා අප භාවිතා කරන තයිරොයිඩ ග්‍රන්ථියට හානි කර දේවල්..

අපගේ උගුර ආශ්‍රිතව තයිරොයිඩ ග්‍රන්ථිය පිහිටා ඇත. මෙම ග්‍රන්ථිය මඟින් තයිරොක්සීන් වැනි හෝර්මෝන නිපදවයි. මේ හෝර්මෝන විවිධාකාර ක්‍රියාවන්ට දායක වේ. හෝර්මෝන අඩු වීම නිසා hypothyroidism  හෙවත් තයිරොයිඩ ග්‍රන්ථිය ඉදිමීමේ රෝග තත්වය ඇති වේ. මෙය බොහෝ විට දැකිය හැක්කේ කාන්තාවන් තුළය. මෙම රෝග තත්වය ඇති වූ විට බර වැඩි වීම, ගබ්සා වීම්, සම හා හිසකෙස් වියළීම, අධික වෙහෙස, මානසික පීඩනය වැනි ලක්ෂණ දැකිය හැක.

මේ තත්වය ගර්භණී කාන්තාවකට ඇති වුවහොත් එය ඉතා අවදානම්ය. ගබ්සා වීම් සිදු විය හැක. එමෙන්ම කාන්තා හා පිරිමි දෙපක්ෂය තුළම වඳ භාවයට පත් වීම විය හැක.

thyroid

මේ රෝගී තත්වයෙන් මඟහැරීමට රෝගය ඇති විය හැකි හේතු දැන සිටීම වැදගත් වේ. මේ ලිපියෙන් ගෙන එන්නේ තයිරොයිඩ ග්‍රන්ථියට හානිකර වන යම් යම් දේ කිහිපයකි.

01. ප්ලාස්ටික්

ප්ලාස්ටික් අසුරනයන් හෝ බෝතල් තුළ අසුරා ඇති සීත හෝ උණුසුම් ආහාර පාන භාවිතා කිරීම නොකළ යුතුය. මෙමඟින් තයිරොයිඩ් ග්‍රන්ථියට හානි පමුණුවයි. ප්ලාස්ටික් වල ඇති සමහර අහිතකර ද්‍රව්‍ය ආහාර වලටද ඉන් අනතුරුව ශරීරයට ද ඇතුළු වේ.

1

02.  සෝයා

සෝයා වර්ග වල තයිරොයිඩ හෝර්මෝන ශ්‍රාවය වළක්වන phytoestrogens අඩංගු වේ. සෝයා වර්ග ආහාරයට ගැනීම මඟින් තයිරොයිඩ ග්‍රන්ථියට අයඩීන් ලබා ගැනීම අවහිර කරයි. අයඩීන් තයිරොයිඩ හෝර්මෝන නිපදවීමට අත්‍යාවශ්‍ය වේ.

2

03. එළවළු හා පළතුරු වල අඩංගු වන පළිබෝධ නාශක

සෑම විටම එළවළු හා පළතුරු හොඳින් සෝදා ආහාරයට ගන්න. මේවායේ ඇති පළිබෝධ නාශක මඟින් තයිරොයිඩ ග්‍රන්ථියට හානි කළ හැකිවාක් මෙන්ම ශරීරයේ අනෙකුත් පද්ධතීන්ට ද දැඩි අහිතකර බලපෑම් එල්ල කරයි.

3

04. ජලයේ අඩංගු වන ෆ්ලොරයිඩ්

ජලයේ ෆ්ලෝරයිඩ් අඩංගු වේ. මෙම ෆ්ලෝරයිඩ් විශාල වශයෙන් අඩංගු වූ විට තයිරොයිඩ් ග්‍රන්ථියට හානිකර වේ. තවත් අතකින් ජලයේ අඩංගු ක්ලෝරීන් හා තවත් අංශු මඟින් තයිරොයිඩ් ග්‍රන්ථියට හානි සිදු කරයි.

4

05. ඉන්ධන මඟින් ලැබෙන ප‘ක්ලෝරේට්

ඉන්ධන දහනය වීමේදී නිපදවෙන ප‘ක්ලෝරේට් අප ආශ්වාස කරන විට ශරීරයට ඇතුළු වේ. මෙම රසායනික ද්‍රව්‍යය ආහාර වල හා ජලයේ ද දැකිය හැක. මෙය තයිරොයිඩ ග්‍රන්ථියට හානි කරයි.

(Visited 1,352 times, 1 visits today)