අනතුරකින් පෙනුම විරූපී වී ගියද ජැමෙයිකානු රූ රැජිණිය ලෙසින් විශ්ව රූ රැජිණ තරඟයට පිවිසි තරුණිය…. 

 

මීට වසර 7කට පෙර ඉතා දරුණු අනතුරකට බඳුන් වූ Sharlene Rädlein නම් තරුණිය තම සිහින අත්නොහැර ඒ වෙනුවෙන් කැප වීම හේතුකොටගෙන ජැමෙයිකානු රූ රැජිණිය ලෙසින් විශ්ව රූ රැජිණ තරඟයට ඉදිරිපත් වී සිටියි. ඇය මීට වසර 7කට පමණ පෙර මිතුරියන් සමඟ චිත්‍රපටයක් නැරඹීමට යාමේදී අනතුරට බඳුන් වී දරුණු අභ්‍යන්තර තුවාල හා මුහුණට දැමූ මැහුම් 15ක් සමඟින් භයානක තත්වයකට පත් විය. එවකට අවුරුදු 18ක් පමණ වූ ඇය මෙලෙස දිවි ගලවා ගැනීම විශ්මයක් බව පැවසූ වෛද්‍යවරු ඇය ඇමතුවේ “Miracle Child” යන අන්වර්ත නාමයෙනි. කෙසේ වෙතත් තමාගේ ජීවිතයේ ප්‍රධානතම සිහිනය වූ නිරූපිකාවක වීමේ සිහිනය අනතුර නිසා අත්හැරීමට අකමැති වූ Sharlene සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු තම සිහිනය වෙනුවෙන් New York වෙත ගියේය.

අද අවුරුදු 25ක තරුණියක් වන ඇය ජැමෙයිකානු රූ රැජිණ ලෙස විශ්ව රූ රැජිණ තරඟය නියෝජනය කරන්නේ ඇගේ සිහිනය මල්ඵල ගන්වාගනිමිනි. ඇය මේ වසරේ අග චීනයේදී පැවැත්වීමට නියමිත විශ්ව රූ රැපිණ තරඟයට ඉදිරිපත් වන්නේ සියළුම දෙනාට වැදගත් පණිවිඩයක් දෙමිනි. ඒ සියල්ලක්ම ඔබේ සිහිනයට හරස් වූවත් ඔබ ඔබේ ඉලක්ක හා අරමුණු වෙත නොපසුබටව ගමන් කළයුතු බවයි.

Screen-Shot-2015-09-22-at-09.44.45 Official-picture-of-Sharlene-Rädlein-as-a-contestant-at-Miss-Universe-Jamaica-2015

Gladstone Taylor/ Photographer sharlene radlein miss universe jamaica 2015

Gladstone Taylor/ Photographer
sharlene radlein miss universe jamaica 2015

Screen-Shot-2015-09-22-at-09.44.11 Screen-Shot-2015-09-22-at-09.43.59

(Visited 629 times, 1 visits today)