තමාට සර්පයෙකු දෂ්ඨ කල පසු මරණය දක්වා සිදුවන දේ (මරණයේ දිනපොත) වාර්තාකල විද්‍යාඥයා [video]

1957 දී Karl P. Schmidt නම් සර්ප විශේෂඥයා චිකාගෝ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ වැඩ කරමින් සිටියේ ය. සැප්තැම්බර් 25 වන දින, ඔහුගේ අරමුන වූයේ කෞතුකාගාරය වෙත ගෙන එන ලද අඟල් 30 ක දිගින් යුත් විසකුරු සර්පයෙක් ගැන පර්යේෂනයක් කිරීමයි.

serp

නමුත් සිදුවුයේ අනෙකකි. සර්පයා හඳුනාගැනීමට ගන්නා ලද උත්සාහයක දී, ඌ ඔහුව සපා කා ඇත. ඉන්පසුව වහාම කල යුතු දේ වන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා වෙනුවට Karl කර ඇත්තේ, ඔහු තුළ විෂ ක්‍රියා කරන ආකාරය හෙවත් පොළඟාගේ බලපෑම් “මරණය දිනපොත.” ලෙස  ලේඛනගත කිරීමයි.

Science Friday හි Tom McNamara විසින් මෙම වීඩියෝවේ karl ගේ අවසන් පැය කිහිපය විස්තර කරනු ලබයි. එම විස්තර විශ්මයජනක හා ඛේදජනක ය.  එසේ වන්නේ තමාගේ ම මරණය පර්යේෂනයකට යොදා ගැනීම නිසාය.

https://www.youtube.com/watch?v=jEyjF2bNQOA

Karl P. Schmidt ඔහුගේ වෘත්තියට සහ තම පර්යේෂණට ජීවිතය කැප කල අතර එය ඕනෑවට වඩා දුර දිග යන තරමට ම මානසික ව ඇද වැටීමට ත් වෘත්තියට ඇති කැපවීම ම හේතු වී තිබේ.

(Visited 354 times, 1 visits today)