ගැබිනි මාතාවකගේ ගැටලුවකට Down Syndrome ළමුන් 15 දෙනෙකුගෙන් පිළිතුරු.

Down Syndrome ගැන වෙනත් ඇසකින්. #living

දරුවෙකු අපේක්ෂාවෙන් සිටින දෙමව්පියන් මුහුණ දෙන භයානක ම ආරංචි අතරට එන දෙයක් තමයි, තම දරුවා  Down Syndrome ලක්ෂණ සහිතව ඉපදෙන බවට දැන ගැනීම. එයට මුහුණ දෙන්නේ කෙසේද? සමහර දෙමව්පියන් ඉතාමත් භයානක තීන්දු, එනම් ගබ්සා පවා සිදුකර ගැනීමට පෙලඹෙනවා. Down Syndrome (ඩවුන් සින්ඩ්‍රම්) යනු රෝගයක් නොව සහලක්ෂණයකි.

සාමාන්‍යයෙන් අමෙරිකාවේ වසරකට Down Syndrome ළමුන් 6,000 ක් පමණ උපත ලබන අතර එය උපත් 691 කට එක් දරුවකු බැගින් වනවා.
අමෙරිකාවේ පමණක් මේ වන විට 400,000 ක් ජීවත් වනවා.

මෙම වීඩියෝව නිර්මාණය කර තිබෙන්නේ Down Syndrome දැනුවත් කිරීමේ කණ්ඩායමක් වන CoorDown නම් සංවිධානය විසිනි. මවක් අසන ලද පැනයකට පිළිතුරු මෙම වීඩියෝවේ අන්තර් ගත බවයි ඔවුන් පවසන්නේ.

මව අසා තිබුනේ ” මම දරුවෙකු බලාපොරොත්තුවෙනි ඉන්නේ. නමුත් එම දරුවා Down Syndrome සහලක්ෂණ සහිතව ඉපදෙන බව මට දැනගන්න ලැබුනා.  මට බයයි, මගේ දරුවාගේ අනාගතය ගැන, එය කෙසේ වේවි ද?”

https://www.youtube.com/watch?v=Ju-q4OnBtNU
Down Syndrome යනු කුමක්ද ? Click here for Wikipedia link

DS

(Visited 275 times, 1 visits today)