කැලයට විසි කර දමා ගොස් සිටියදී තමන් බේරාගත් දරුවා වසර 58 කට පසු නැවත හමු වීම..

එවකට 14 හැවිරිදි ගැටවරයෙකු වූ Dave Hickman ඔහුගේ සීයා සමඟ කැලයේ දඩයමේ යාම පුරුද්දක් කොටගෙන තිබිණි. 1955 සැප්තැම්බර් මස 22වන දින ද  මෙසේ කැලයේ ඇතුළටම ගිය විට ඔවුනට අසන්නට ලැබුණේ ඉතා තියුණු හැඬීමකි. හඬ ඔස්සේ සොයා ගෙන යන විට. ඔවුන් දුටුවේ තුවායකින් පමණක් එතූ කුඩා බිළිඳියක් හොඳටම තෙතබරිත වී අඬමින් සිටින බවය. කවුරුන්හෝ විසින් කැලයට අතැර දමා ගොස් ඇති මේ බිළිඳියව Dave හා සීයා එක්ව බේරාගත් පසුව ඇය ගැන පුවත්පත් වල පළ කරමින් තොරතුරු සෙව්වත් ඇගේ දෙමාපියන් පිළිබඳ නිසි තොරතුරක් හෙළ වූයේ නැත.ඒ නිසා ඇය හදාවඩා ගැනීමට වෙනත් ස්ථානයකට භාර දෙන ලදී.

1 2

3 4 5 6

මේ සිදු වීමෙන් වසර 58ක් ගතවූ පසුව දැන් මහළු වියේ පසුවන Daveට ඔවුන් එදවස බේරා ගත් බිළිඳිය බැලීමට සිත්විය. හරිහැටි තොරතුරක් නොදැන සිටියද ඔහු උත්සාහය අත් නොහරිමින් දිගින් දිගටම ඇය ගැන සෙවීය. අවසානයේ පොලීසියෙන් ලැබුණු තොරතුරක් මත වසර 58කට පසු ඔවුන් දෙදෙනා මුණ ගැසිණි. මෙය ඉතා සංවේදී අවස්ථාවක් විය.

7 8

 

 

(Visited 224 times, 1 visits today)