ක්‍රමවත් ලෙස මුහුණ සේදීමේදී කළයුතු හා නොකළ යුතු දෑ..

දිනපතා මුහුණ සේදීම සිදුකළත් එය හරියාකාරව සිදු කරන ආකාරය ඔබ දන්නවාද? මේ ලිපියෙන් ගෙන එන්නේ ඒ ආකාරයට හරියටම මුහුණ සෝදා ගන්නා ආකාරය පිළිබඳවයි.

01. පළමුව දෑත් සෝදන්න

මුහුණ සේදීමට පළමුව ඔබගේ දෑත් හොඳින් සෝදා පිරිසිඳු කරගන්න. අත්වල ඇති කුණු, විශබීජ වැනි දේ ඔබගේ සමට ඇතුළු වී බැක්ටීරියාවන්ට සම මත වර්ධනය වීමට අවකාශය සළසා දේ. එමඟින් කුරුළෑ වැනි  තත්වයන් ඇති වේ.

fw1

02. අධික ලෙස උණු හෝ අධික ලෙස සීතල ජලය භාවිතා නොකරන්න

සෑම විටම ඇල්මැරුණු ජලයෙන් මුහුණ සේදීමට වගබලා ගන්න. අධික උෂ්ණත්වයකින් යුත් ජලයෙන් මුහුණ සේදීමේදී රුධිර වාහිනී හා කේශනාලිකා බිඳී යා හැක.

fw2

03. දිනකට දෙවරක් මුහුණ සෝදන්න

කුරුළෑ වලින් තොර පැහැපත් සමක් ලබා ගැනීමට මෙලෙස දිනකට දෙවරක් හරි ආකාරයට මුහුණ සෝදන්න. මෙමඟින් සමේ ඇති අනවශ්‍ය තෙල් සහිත ස්වභාවයද නැති වේ.

fw3

04. තදින් Scrub කිරීම නොකළ යුතුයි

සමේ ඇති මැරුණු සෛල ඉවත් කිරීමට Scrub කරන විට තදින් Scrub කිරීම නොකළ යුතුයි. මෙමඟින් ඔබගේ සම වියළ දැමීම සිදු කරන අතර සමේ ඇති කුරුළෑ සඳහා හේතු වන සිදුරු විවර කිරීමද සිදු කරයි. සතියකට වතාවක් සාමාන්‍ය ප්‍රමාණයෙන් Scrub කිරීම සුදුුසුය.

fw4

05. මුලින් Makeup ඉවත් කරන්න

සාමාන්‍ය ආකාරයෙන් මුහුණු සේදීමෙන් Makeup ඉවත් වේ යැයි සිතීම වැරදිය. ඒ සඳහා මුහුණ සේදීමට පෙර නියමිත makeup remover එකක් භාවිතා කළ යුතුය.

fw506. නෑමෙන් පසු හොඳින් මුහුණ සෝදන්න

නෑමෙන් පසු ජලයෙන් පමණක් හෝ මුහුණ සෝදා හැරිය යුතුය. එයට හේතුව වන්නේ හිස් කබලේ ඇති හිස්හොරි ඔබගේ මුහුණ මත රැඳී තිබිය හැකි බැවිනි. මෙය ඉතා වැදගත් පියවරකි.

fw6

07. කිසි විටෙක වියළි සම මතට Moisturiser ගල්වන්න එපා.

වියළී ගිය මුහුණට Moisturiser ගැල්වීමෙන් කිසිම පළක් නැත. ඒ වෙනුවට සම මඳක් තෙත් කොට Moisturiser ගල්වන්න. එය සම මත තෙතමනය රඳවා ගැනීමට උපකාරී වේ.

fw7

(Visited 400 times, 1 visits today)