ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් නැවතවරක් තරගයකට බාධා කරයි

මෙදිනවල ඉන්දියාවේ තරගාවලි සංචාරයක යෙදෙන දකුනු අප්‍රිකා කන්ඩායම සහ ඉන්දියානු කන්ඩායම අතර ඊයේ දිනයේ පැවැති විස්සයි විස්ස තරගයේදී ඉන්දියානු ක්‍රිඩා ලෝලීන් තරගය පැවති Barabati ක්‍රිඩාංගනයේ කලබලකාරී ලෙස හැසිරෙනු දක්නට ලැබිණි. මෙම තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දියානු කන්ඩායමේ සියලු පිතිකරුවන් ලකුනු 92කට දැවී ගිය අතර පිලිතුරු ඉනිම ක්‍රිඩාකර දකුනු අප්‍රිකානු පිතිකරුවන් ලකුනු 70වේ සිමාවට ලගාවීමත් සමග ඉන්දියානු ක්‍රිඩා ලෝලීන් ක්‍රිඩාංගනයට ප්ලාස්ටික් බෝතල් වලින් දමාගසනු ලැබීය.

ක්‍රිඩාලෝලීන්ගේ කලබලකාරී හැසිරීම හේතුවෙන් තරගය මිනිත්තු 15 නවත්වනු ලැබූ අතර ඉන්පසු නැවත පිලිතුරු ඉනිම ආරම්භ කර දකුනු අප්‍රිකානුවෝ පන්දු වාර 17 පන්දුවකදී කඩලු 4 පමනක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරාගැනීමට සමත්විය. මේ ජයග්‍රහනයත් සමග තරග 2-0 ලෙස විස්සයි විස්ස තරගාවලියේ ජය දකුනු අප්‍රිකාව හිමිකරගන්නාලදී.

(Visited 238 times, 1 visits today)