අනාගතයේදී රොබෝවරු මේ ලොව අත්පත් කරගනීවිද? බලන්න මේ පැනයට රොබෝවෙක් ලබාදුන් භයානක පිළිතුර!

අප ඉංග්‍රීිසි චිත්‍රපට වල කොතෙකුත් දැක ඇති ආකාරයට රොබෝවරුන් ඇත්තටම මේ ලොව අත්පත් කරගනීවිද? අපට සිතෙන දේ කුමක් වුවත් මේ රොබෝ ඒ පැනයට ලබාදෙන පිළිතුර ලොව නැවත වතාවක් මේ පිළිබඳ සිතීමට පොළඹවයි.

Android Dick නම් මේ රොබෝ නිර්මාණය කර තිබෙන්නේ විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු වන Philip K. Dickට සමාන වන අයුරිනි.

මේ ඇන්ඩ්රොයිඩ් ඩික් දයානුකම්පාව සහ නිර්මාණශීලීත්වය වැනි මානව ගති ලක්ෂණ මෙන්ම  චින්තනය හා තර්කනය ඇති විශිෂ්ඨ  කෘතිම බුද්ධි නිර්මාණයකි.මෙහි පළමු අනුවාදය 2005 දී නිර්මානය කරන ලද අතර එතැන් සිට මෙය විවිධ අයුරින් වැඩිදියුණු කරමින් පවතී.

මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ 2011වසරේදී මේ Android Dick ,          PBS show Nova නම් වැඩසටයනට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකි.

මෙහිදී ඔහු ඉතා අපූරුවට පිළිතුරු දී ඇත. කෙසේ නමුත් අවසානයට ඔහු පැවසූ දෙය මුළු ලොවම කෘතිම බුද්ධි පිළිබඳව අළුතෙන් සිතන්නට පෙළඹවූ බව කිව යුතුමය. එය එතරම් භයානක පිළිතුරකි.

මේ නිසාවෙන් පසුගිය මාසයේ දී, Stephen Hawking හා Elon Musk ඇතුළු 1000 කට අධික විද්යාඥයින් හා විශේෂඥයින් පිරිසක් මෙහි භයානක බව පෙන්වා දෙමින් ලිපියක් ඉදිරිපත් කොට ඇත.

https://youtu.be/UIWWLg4wLEY

Resource – http://educateinspirechange.org/

(Visited 408 times, 1 visits today)